April, 9, 2025
CAL පස් අවුරුදු සංවෘත අරමුදලේ ඒකක භාර සංවෘත අරමුදල කොළඹ කොටස් හුවමාරුවේ (CSE) නිල වශයෙන් ලැයිස්තුගත කරයි. ඒ අනුව, හඳුන්වාදීමක් මගින් මුළු ඒකක 914,925,446ක් ලැයිස්තුගත කර ඇත. මෙම සුවිශේෂී සන්ධිස්ථානය විශේෂ සීනු නාද කිරීමේ උත්සව අවස්ථාවක් මඟින් සමරන ලදී.
මෙම අවස්ථාවට කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ප්‍රධාන විධායක නිලධාරී ගයාන් ද සිල්වා මහතා, කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වත්කම් කළමනාකරණ උප සභාපති චෙරිල් පැස්කර් මහත්මිය, කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වත්කම් කළමනාකරණ විශ්ලේෂක පිරනාවි සිවරූබන් මහත්මිය, කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වත්කම් කළමනාකරණ ජ්‍යෙෂ්ඨ විධායක ෂිෆානි අහමදීන් මහත්මිය, CAL සමූහයේ අවදානම් සහ අනුකූලතා සහකාර කළමනාකාරිනී ෂෙකිනා පීරිස් මහත්මිය සහ කැපිටල් එලායන්ස් පාට්නර්ස් ලිමිටඩ් ආයෝජන බැංකුකරණ සහකාර කළමනාකාරිනී චන්දුල ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.
මෙම අවස්ථාවේදී CSE කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී වින්ධ්‍යා ජයසේකර මහත්මිය, ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා සහ CSE ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය කොළඹ කොටස් හුවමාරුව නියෝජනය කරන ලදී.
කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් අත්පත් කරගත් ජයග්‍රහණය පිළිබඳව සුබ පතමින්, CSE ප්‍රධාන විධායක නිලධාරී වින්ධ්‍යා ජයසේකර මහත්මිය මෙසේ පැවසුවාය, “ලැයිස්තුගත ඒකක භාර ස්ථාවරත්වය සහ ද්‍රවශීලතාව යන දෙකම ආයෝජකයින් සඳහා හිමි කර දෙන අතරම වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරන ලද ආයෝජන උපාය මාර්ග හා සම්බන්ධ වීමට ද ඉඩ සලසයි. හඳුන්වාදීමක් මගින් ඒකක භාර ලැයිස්තුගත කිරීම හරහා දැනට සිටින ඒකක භාර හිමියන් සඳහා ද්‍රවශීලතාව සහතික කරන අතර නව ආයෝජකයින්ට ඔවුන්ගේ කළඹ විවිධාංගීකරණය කිරීමට අවස්ථා නිර්මාණය කරයි. ඉහළ යන ආයෝජකයින්ගේ උනන්දුව අඛණ්ඩව වෙළඳපොළ සහභාගීත්වය සහ විශ්වාසය ශක්තිමත් කරන බැවින්, නව්‍ය ආයෝජන නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ භාවිත කරන මෙන් අපි තවත් අරමුදල් කළමනාකරුවන් සහ මූල්‍ය ආයතන දිරිමත් කරන්නෙමු.” යි ප්‍රකශ කළාය.
ලැයිස්තුගත කිරීම පිළිබඳ සිය අදහස් දක්වමින්, කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ප්‍රධාන විධායක නිලධාරී ගයාන් ද සිල්වා මහතා මෙසේ පැවසුවේය, “ආර්ථිකය සමෘද්ධිමත් කිරීමේ ප්‍රධාන තීරණාත්මක අතරමැදියෙකු ලෙස ප්‍රාග්ධන වෙළඳපොළ ක්‍රියා කරන බව අපි තරයේ විශ්වාස කරමු. 'CAL පස් අවුරුදු සංවෘත අරමුදල' සුවිශේෂී වන්නේ එහි ඒකක භාර තනි කොටස් මෙන් කොටස් හුවමාරුවේ වෙළඳාම් කරනු ලැබීම හේතුවෙනි. ඒ හේතුවෙන් ආයෝජකයින්ට වෙළඳ වේලාවන් පුරා ඒකක මිලදී ගැනීමට සහ විකිණීමට ඉඩ සලසන අතර නම්‍යශීලීභාවය හිමි කර දෙයි.”
“මෙම අරමුදල දියත් කිරීම අපගේ නිෂ්පාදන කළඹට සිදු කරන තවත් එකතු කිරීමක් පමණක් නොවේ. එය කොටස් හුවමාරුවේ ලබා දෙන දීමනා ව්‍යාප්ත කිරීම සහ වෙළඳපොළ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා වන ඉදිරි පියවරක් ද වේ. එය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනයට උපකාරී වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.” යනුවෙන් ද ඔහු තවදුරටත් පැවසුවේය.
‘CAL පස් අවුරුදු සංවෘත අරමුදල’ යනු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් අනුමත කරන ලද වසර පහක කාලයක් සඳහා වන ස්ථාවර ආදායම් ඒකක භාර යෝජනා ක්‍රමයකි. පවතින සහ අපේක්ෂිත පොලී අනුපාත චලනයන් මත පදනම්ව ආයෝජකයින්ට ප්‍රාග්ධන සංරක්ෂණය, පොලී ආදායම සහ ප්‍රාග්ධන ලාභ හිමිකර දීම සඳහා එය සැලසුම් කර ඇත.
2024 සැප්තැම්බර් 6 දිනැති භාර ඔප්පුවක් හරහා අරමුදල පිහිටුවන ලද අතර, හැටන් නැෂනල් බැංකුව භාරකරු සහ රැකවලා ලෙස කටයුතු කරයි. අරමුදලේ ඒකක සම්පූර්ණයෙන්ම ගෙවා නිම කර ඇති අතර හුවමාරු කළ හැකි වේ. එමෙන්ම ශුද්ධ වත්කම් අනුපාතය යටතේ හෝ වෙළඳපොළ ඉල්ලුම මත පදනම්ව වාරික/වට්ටම් යටතේ කොළඹ කොටස් හුවමාරුවේ වෙළඳාම් කළ හැක.
ඡායාරූප විස්තරය - (වමේ සිට දකුණට) ෂෙකිනා පීරිස් මහත්මිය, ෂිෆානි අහමදීන් මහත්මිය, ගයාන් ද සිල්වා මහතා, චෙරිල් පාස්කර් මහත්මිය, වින්ධ්‍යා ජයසේකර මහත්මිය, රේණුක විජයවර්ධන මහතා, පිරනවි සිවරූබන් මහත්මිය, චන්දුල ජයසුන්දර මහතා.
Video Story