කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් මූලික කොටස් නිකුතුවට නොසිතූ විරූ දැවැන්ත ඉල්ලුමක්

    May, 20, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීම සඳහා නියමිත නවතම සමාගම වන කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් පසුගිය මැයි 08 දින මූලික මහජන කොටන් නිකුතුවක් සිදුකරනු ලැබීය.

    ආරම්භක දිනයේ දීම ඒ සඳහා අධිදායකත්වයක් ලැබී තිබුණ බැවින් එදිනම එම කොටස් නිකුතුව වසාදමන බව හම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම මැයි 08 දා නිවේදනය කර තිබුණි.

    මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් කැපිටල් එලායන්ස් ලිමිටඩ් පවසන්නේ අදාළ නිකුතුවේ දී කොටස් මිලියන 157.5 ක් නිකුත් කිරීමට ඉදිරිපත් කළද, කොටස් බිලියන 2.33 ක් වෙනුවෙන් අයදුම්පත් ලැබී ඇති බවයි. සමාගම සඳහන් කරන ආකාරයට එහිදී ලැබී ඇති සමස්ත අයදුම්පත්වල වටිනාකම රු. බිලියන 23.3 ඉක්මවා තිබේ.

    මෙය සමාගම මූලික කොටස් නිකුතුව සඳහා ඉදිරිපත් කළ කොටස් ප්‍රමාණය මෙන් 14 ගුණයක ඉල්ලුමකි.