කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් හෙට කොටස් වෙළෙඳපොළට

    May, 29, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට (30) ආරම්භ වීමට නියමිතය.

    මෙහිදී හෙට දිනයේ දී කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් බිලියන 2ක්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත කරන බව සමාගම දන්වා සීටී.

    කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීම සඳහා පසුගිය මැයි 08 දින මූලික මහජන කොටන් නිකුතුවක් සිදුකරනු ලැබීය.

    ආරම්භක දිනයේ දීම ඒ සඳහා අධිදායකත්වයක් ලැබී තිබුණ බැවින් එදිනම එම කොටස් නිකුතුව වසාදමන බව හම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම මැයි 08 දා නිවේදනය කර තිබුණි.

    මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් කැපිටල් එලායන්ස් ලිමිටඩ් කියා සිටියේ අදාළ නිකුතුවේ දී කොටස් මිලියන 157.5 ක් නිකුත් කිරීමට ඉදිරිපත් කළද, කොටස් බිලියන 2.33 ක් වෙනුවෙන් අයදුම්පත් ලැබී තිබුණු බවයි. සමාගම සඳහන් කරන ආකාරයට එහිදී ලැබී ඇති සමස්ත අයදුම්පත්වල වටිනාකම රු. බිලියන 23.3 ඉක්මවා තිබේ.