October, 17, 2025
අද පෙරවරු 10 වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන් ඊයේ දිනට සාපේක්ෂව රු. 15,000කින් ඉහළ යාමක් වාර්තා කර තිබෙන බව දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon සමාජ මාධ්‍ය පවසයි.
එහි දී ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රු. 400,000ක මිල ඉක්මවීමට සමත් විය.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රු. 410,000ක් දක්වාත් කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර ලෝක රන් අවුන්සයක මිල මේ වන විට ඩොලර් 4,360 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පවතින තත්ත්වය තුළ වෙළෙඳපොළ තුළ රත්‍රං මිල පාලනයකින් තොරව ඉහළ යාමක් නිරීක්ෂණය වන බවත් මේ හේතුවෙන් රත්‍රං හිඟයක් ද නිර්මාණය වී ඇති බවත් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
Video Story