කැලණි කේබල්ස් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

    November, 2, 2016

    ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. එයට අමතරව Metal & Mineral Processing Industry අංශයෙහි ලෝකඩ සම්මානය හිමි කරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත් විණ.

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2016 ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණු අතර එහිදී පරිසර හිතකාමීත්වයට කැපවූ රාජ්‍ය, පෞද්ගලික ආයතන හා පාසල් ඇගයීම සිදු කෙරුණි. කැලණි කේබල්ස් ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2016 සම්මාන හිමි කරගත් එකම විදුලි හා සන්නිවේදන රැහන් නිපදවන එකම සමාගම වීම විශේෂත්වයකි.