February, 8, 2016
ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම ගෘහස්ථ පරිභෝජනයට වඩාත් සුදුසු Kelani LED clear බල්බ පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වා දුණි. ශී‍්‍ර ලංකාවාසීන් වසර කිහිපයකට පෙර භාවිතා කළ විනිවිද පෙනෙන ස්වභාවයේ බල්බයකවන මෙම නවතම කැලණි LED clear බල්බය ආලෝකය විහිඳුවීමේ වැඩි ප්‍රබලතාවක් දක්වන අතර, එය වොට් 2 සිට 6 දක්වා Day Light හා Warm Light යන මාදිලිවලින් නිෂ්පාදනය කෙරේ.
ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් නිෂ්පාදකයා ලෙසින් කැළණි කේබල්ස් සමාගම හිමි කරගත් විශේෂඥතාව හා පළපුරුද්ද පදනම් කරගෙන තම නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් CFL (Compact Flourescent Lamp) හා GLS (General Lighting System) බල්බ වසර 2013දී මෙරට වෙළෙඳපොලට හඳුන්වා දුණි. "ආරක්ෂාවෙන් ආලෝකයට" යන තේමාව යටතේ නිපදවන කැලණි CFL බල්බ පෙළ පාරිභෝගික පැමිණිලිවලින් තොර සාර්ථක නිෂ්පාදනයක් වීමෙන් එම සමාගම මෙම Kelani LED clear බල්බය හඳුන්වාදුන්නේ තම නිෂ්පාදන පෙළ පුළුල්කිරීමේ ව්‍යාපෘතිය යටතේය.
කැළණි කේබල්ස් සමාගමේ නවතම නිෂ්පාදනයවන Kelani LED clear බල්බය හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී අනිල් මුනසිංහ මහතා පැවසුවේ, "මෙරට අංක 1 ආරක්ෂිත විදුලි හා සන්නිවේදන රැහැන් සමාගම ලෙසින් අපට හිමි විශේෂඥතාව හා පළපුරුද්ද මත අප නිපදවූ CFL බල්බ පෙළ දෝෂ පිළිබඳව පැමිණිලි නොකරමින් මෙරට පාරිභෝගිකයන් අතරේ කදිම ඉල්ලූමක් නිර්මාණයවීම සමාගමක් ලෙසින් අප දිරිමත් කරන්නක්. මෙම නවතම Kelani LED clear බල්බය මෙරට වෙළෙඳපොලට එක්වූයේ එම දිරිමත්කිරීමේ ප්‍රතිපලයක් ලෙසින්. එමෙන්ම 80%ක් විදුලිය පිරිමැස්ම සනාථ කෙරෙන නිෂ්පාදනයක වන මෙම Kelani LED clear බල්බය විදුලි බිල සම්බන්ධයෙන් මෙරට ජනතාවට කදිම සහනයක් වේ යැයි අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙරට දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක කරගැනීමට විදුලි බිල අවම කරන Kelani LED clear බල්බයෙන් වක්‍ර දායකත්වයක් ලබාදීම අපේ සමාගමේ එක් ප්‍රබල අරමුණක්." යන්නය.
Kelani LED clear බල්බ වෙළෙඳපොලට හඳුන්වාදීමේ උත්සවයට එක් වූ කැලණි කේබල්ස් සමාගමේ වෙළෙඳනාම සංවර්ධන කළමනාකරු චන්න ජයසිංහ මහතා පැවසුවේ, "Kelani LED clear බල්බය මෙරට LED බල්බ වෙළෙඳපොලට එක් වූ සුවිශේෂී බල්බයක්. සාමාන්‍යයෙන් වෙළෙඳපොලේ අලෙවි කරන LED බල්බ කොටස් දෙකකින් යුක්තවීමෙන් එම කොටස් දෙක අතරින් කුඩා කෘමීන් රිංගීමෙන් බල්බය තුළ ඔවුන් තැන්පත්වීම සිදුවෙනවා. එය නිවැරදිව ආලෝකය ලබාගැනීමට බාධාවක්. නමුත් Kelani LED clear බල්බය එක කොටසක් ලෙසින් නිර්මාණයවීමෙන් එවැනි ආලෝකය ගලා ඒමට බාධාවක් සිදු නොවේ. තවද, සෙසු LED බල්බවල ආලෝකය ගලා එන්නේ කේතුකාකාර හැඩයෙන්. Kelani LED clear බල්බයේ අලෝකය පැතිරීම සාමාන්‍ය බල්බයක මෙන් පූර්ණාකාරව සිදුවෙනවා. එමෙන්ම Kelani Cables වෙළෙඳනාමයේ විශ්වාසනීයබව අලූතෙන් හඳුන්වාදුන් Kelani LED clear බල්බයටත් හිමියි. එහෙයින් ඕනෑම නිෂ්පාදන දෝෂයක් වෙතොත් අප සමාගම එම සියලූ බල්බවල වගකීම භාරගන්නා හෙයින් එවැනි බල්බ මාරු කරදීමට සමාගම අප්‍රමාදව ඉදිරිපත් වෙනවා. එයින් Kelani LED clear බල්බ මිලදීගැනීමේදී පාරිභෝගිකයාට මෙන්ම අලෙවි නියෝජිතයන්ටත් පහසුව සැළසෙන්නක්." යන්නය.
Video Story