කැසිනෝ ශාලා වලට ඇතුළු වීමට ඩොලර් 100 ක ගාස්තුවක්

    October, 24, 2014

    කැසිනෝ ශාලා වලට ඇතුළු වීමේදී ඩොලර් 100 ක ගාස්තුවක් අය කිරීමටත් විනෝද බද්ද සියයට 10 ක් දක්වා ඉහළ දැමීමටත් 2015 අයවැය මගින් රජය තීරණය කර ඇත.

    ජේම්ස් පැකර් ප්‍රමුඛ ආයෝජකයින් කිහිප දෙනෙකු විසින් මෙරට ගොඩනැගීමට සැලසුම් කර තිබෙන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ කැසිනෝ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ සූදානමක් ඇතැයි දැඩි විරෝධයක් පසුගිය කාලයේදී ඇතිවිය.

    දැනටමත් සිගරැට් හා මත්පැන් මිල දැමීමෙන් රජය රුපියල් බිලියන 14 ක ආදායමක් බලාපොරොත්තු වනබව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී කීය.

    Video Story

    Stock Market

    Exchange Rates