February, 24, 2016
දේශීය කිරි ගොවිපළවල්හි නිෂ්පාදන ඵලදායීතාව නැංවීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් කිරි ගොවීන් වෙත ලබා දෙනු ලබන ව්‍යාප්ති සේවාවන්හි ගුණාත්මක බව හා ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හවුල්කාරිත්ව ගිවිසුමක් සකස් කර තිබේ.
මෙම ගිවිසුම නවසීලන්ත රජයේ විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සහ ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය අතර අත්සන් තැබීමට නියමිතය.
ඒ යටතේ වන ක්‍රියාකාරකම් නවසීලන්ත ඩොලර් මිලියන 2.5ක මූල්‍යාධාරයක් සහිතව වසර තුනක‍් තුළ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමිව තිබේ.
Video Story