කිරි සහ කුකුළු ආශ‍්‍රිත කර්මාන්ත නංවාලමින් දේශීය ආහාර සුරක්ෂිතතාව සහ අපනයනය අරමුණු කර ගත් රජයේ වැඩපිළිවෙළ ක‍්‍රිස්බ්‍රෝ අගයයි

    December, 7, 2020

    කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සහ කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදන ක්ෂේත‍්‍රයන්ගේ වේගවත් සංවර්ධනය සහ මේ ආශ‍්‍රිත අපනයන වර්ධනය කර ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙල අගය කරන බව ක‍්‍රිස්බ්‍රෝ සමාගම පවසයි. මෙම ක්ෂේත‍්‍රයන්ගේ කඩිනම් වර්ධනයක් අපේක්ෂා කරමින් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ ආර්ථික පුනර්ජීවනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය පසුගිය දා රැස්වූ අතර මහා පරිමාණයේ සහ කුඩා පරිමාණ කිරි සහ කුකුළු මස් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලූ රැසක් මෙම ජනාධිපති කාර්යසාධක බලකායේ සභපති බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දීම පිළිබඳව ඔහුට තම ආයතනය ස්තුතිය සහ පූර්ණ සහාය ලබාදෙන බව ක‍්‍රිස්බ්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති මෙම රැස්වීමේදී කිරි කර්මාන්තය මෙන්ම කුකුළු කර්මාන්තය පොදුවේ මුහුණ පාන අමුව්‍ය හි`ගය, ඇතුළුව ගැටලූ රැසක් සාකච්ඡාවට බඳුන්විය.

    මෙම සාකච්ඡාවේ දී එළැඹි එක`ගාවන් අතර කුකුළු මස් අපනයනය දිරි ගැන්වීම සඳහා රජයේ අවධානය යොමු වීම මෙම කර්මාන්තයේ ඉදිරි පැවැත්ම සඳහා ජනාධිපතිවරයා ගනු ලැබූ දැවැන්ත පියවරක් බව ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරෙස් සෙලර් මහතා පැවසීය. විශෙෂයෙන්ම කුකුළු මස් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන අපනයනය ශක්තිමත් කරමින් වාර්ෂිකව මෙම ක්ෂේත‍්‍රයෙන් ඩොලර් මිලියන 16ක් විදේශ අපනයන ආදායමක් ලබා ගැනීම සඳහා පුද්ගලික අංශයට හා සුළු ගොවිපළ හිමියන්ට රාජ්‍ය මැදිහත්වීම ලබා දීම අත්‍යාවශ්‍ය පියවරක් බව අමෝරෙස් සෙලර් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කුකුළු කර්මාන්තය මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූවක් වන බඩ ඉරි`ගු ආනයන සීමාවන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළ අතර කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීම සඳහා රජයට ලබා දිය හැකි සහාය නොපමාව ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නිලධාරීන් දැනුවත් කරන ලදි.

    ශ‍්‍රී ලංකාවේ බඩ ඉරි`ගු අවශ්‍යතාව දේශීය වශයෙන් සපුරා ගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙළට සහාය වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම වාර්ෂිකව රුපියල් බිලියනක මුදලක් ගොවිජනතාවගෙන් බඩඉරි`ගු මිලදී ගැනීම සඳහා වැය කරනු ලබයි. මේ තුළින් දේශීය බඩඉරි`ගු ගොවියාගේ ආදායම සුරක්ෂිත වන අතරම බඩඉරි`ගු ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ද සමාගමට හැකියාව ඇත. මේ යටතේ ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් මොණරාගල සහ මහියංගණය සහ අනුරාධපුර යන ප‍්‍රදේශයන්හී ගොවීන් 2000 කට අධික පිරිසකගෙන් බඩඉරිඟු මිලදී ගැනීම සිදුකරනු ලබයි. මෙසේ ගොවිජනතාවගෙන් මිලදී ගන්නා බඩඉරි`ගු නවීනතම තාක්ෂණය භාවිතා කරමින් ගබඩා කිරීමට ක‍්‍රිස්බ්‍රෝ සතුව ගබඩා පහසුකම් පවතින අතර සියඹලන්ඩුවේ ස්ථාපනය කර ඇති ශ‍්‍රී ලංකාවේ විශාලතම බඩඉරි`ගු ගබඩා සංකීර්ණය ද ක‍්‍රිස්බ්‍රෝ සහිත හවුල්කාරී ආයෝජනයක් ලෙස පවත්වාගෙනයනු ලබයි.

    මේ පිළිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අමෝරෙස් සෙලර් මහතා ‘‘ කෝවිඞ් වසංගතය සාර්ථකව පාලනය කළ රටක් ලෙසට ලෝක කුකුළු මස් ඉල්ලූම සපුරාලීමට වැඩි වශයෙන් දැයකව වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. මින් උපරිම ප‍්‍රයෝජන ගැනීම සඳහා රජය මගින් කර්මාන්තකරුවන්ට ලබා දිය යුතු සහන ලබා දීමට ජනාධිපතිතුමන් පියවර ගැනීම කර්මාන්තයේ උන්නතිය සඳහා නිසැක වශයෙන්ම විශාල පිටුබලයක් ලැබෙනවා. කුකුළු මස් කර්මාන්තයේ නියැලී සිටින නිෂ්පාදකයින් මුහුණ පාන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන බඩඉරි`ගු ආනයන බාධා ඉවත් කිරීම සහ මේ සඳහා දිගුකාලීන පිලියම් යෙදීමට රජයේ අවධානය යොමු වීම අතිශය කාලෝචිතයි. දැනට ශ‍්‍රී ලංකාවේ වාර්ෂික බඩඉරි`ගු අවශ්‍යතාව මෙට්‍්‍රක්ටොන් 400,000ක් වන අතර මේ දක්වා දේශීය වශයෙන් සපුරා ගැනීමට හැකිව තිබෙන්නේ මෙට්‍්‍රක්ටොන් 150,000ක් පමණයි. ඉතිරිය ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් දැරිය යුතු අතරම කිලෝවක් සඳහා රුපියල් 10ක් වශයෙන් ආනයන බද්දක් ද ගෙවිය යුතුයි. මීට අමතරව කුකුළුමස් කිලෝවක් සඳහා රුපියල් 85ක බද්දක් ද ගෙවිය යුතුයි. ’’ යනුවෙන් පැවසීය.

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට,දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැුකියා ක්ෂේත‍්‍රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.