කුරුඳුවලින් ඩොලර් බිලියනයක් හොයන්න දයා සැරසෙයි

    November, 14, 2015

    එළඹෙන වසර 05 තුළ දී කුරුඳු නිෂ්පාදනය තුළින් ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමට සැලසුම් සකස් කර තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. කුරුඳු වගාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ කළ විශේෂ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

    කුරුඳු අපනයනකරුවන්ට තම නිෂ්පදාන සඳහා ලෝක වෙළෙඳපොළේ වැඩි මිලක් ලබා ගත හැකි පරිදි රජය විසින් ප්‍රමිති සහතිකයක් ලබා දීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    වර්තමානයේ දී වගා කර ඇති භූමිවල භෝග වගා ඝනත්වය ඉහළ නැංවීම තුළින් ඉදිරි වසර 5 ක කාලය තුළ අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නැංවීම ඉලක්කය බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.