December, 1, 2025
සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ තිරසාර කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ තම දිගුකාලීන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් නිපදවන කලාපයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ඵලදායිතාව ඉහළ නැංවීම සහ ගොවීන්ගේ ජීවනෝපායන් නගා සිටුවීම අරමුණු කරගත් වැඩසටහනක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබේ.
“පොළොන්නරුව දිස්ත්‍රික්කය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහ අධි තාක්ෂණික කෘෂිකර්මාන්ත ක්‍රමවේද අනුගමනය කිරීම හරහා වී ඵලදායිතාව සහ ගොවීන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම” යන තේමාවෙන් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව, එහි කදුරුවෙල ශාඛාව සමග එක්ව සමාරම්භක වැඩසටහනක් මෑතකදී පවත්වන ලදී.
ගිරිතලේ අග්බෝ හෝටලේ පැවති මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ විවිධ කෘෂිකාර්මික ප්‍රජාවන් නියෝජනය කරමින් ප්‍රදේශ අටකින් ගොවීන් 120කට වැඩි පිරිසක් සහභාගි විය. ජාතික ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීම මෙන් ම ආර්ථික වෙනස්වීම්වලට දිගුකාලීන ඔරොත්තු දීමට ගොවීන්ට සහාය වීම සඳහා දැනුම බෙදාදීම සහ තිරසාර කෘෂිකාර්මික විසඳුම් ලබාදීම ඇතුළත් කොමර්ෂල් බැංකුවේ පුළුල් දැක්මේ කොටසක් ලෙස මෙම මුලපිරීම පෙන්වාදිය හැක.
මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ දේශීය වී වගාවේ අඛණ්ඩ ව පවතින ඵලදායීතාවය පරතරය පියවීම වෙනුවෙනි. කෘෂිකාර්මික විශේෂඥයින් ඇස්තමේන්තුගත කරන පරිදි හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 6ක වී අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව පැවතිය ද, පොළොන්නරුවේ දැනට සාමාන්‍ය අස්වැන්න ලෙස ලබා ගන්නේ මෙට්‍රික් ටොන් 4.5ක පමණි. මෙම පරතරය පියවීම සඳහා නවීන වගා ක්‍රම, කෘෂි රසායනික ද්‍රව්‍ය වගකීමෙන් යුතුව භාවිතා කිරීම, යාන්ත්‍රිකකරණය, මූල්‍ය කළමනාකරණය සහ පාරිසරික තිරසරභාවය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම කෙරෙහි මෙම වැඩසටහනින් අවධානය යොමු කරන ලදී.
මෙම වැඩසටහනට සහභාගී වූවන් අතර බැංකුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නැගෙනහිර විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා මහා බැංකුව - උතුරු මැද කලාපය, ඒ. බවර් සහ සමාගම සහ බ්‍රවුන්ස් ඇග්රිකල්චර් යන ආයතනවල නියෝජිතයින් ද විය. වැඩසටහනේ සැසිවාරවලදී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කිරීම, අධි තාක්ෂණික කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම, කෘෂි යෙදවුම් තිරසාර ලෙස භාවිතා කිරීම සහ වී යන්ත්‍රෝපකරණවල නව තාක්ෂණයන් වැනි ප්‍රධාන මාතෘකා ආවරණය කරන ලදී.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය/සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මිතිලා ෂාමිනී මහත්මිය මෙසේ අදහස් දැක්වීය: “ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය කෘෂිකර්මාන්තය වන අතර ඒ තුළ සිදුවන පරිවර්තනය, අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ ග්‍රාමීය සමෘද්ධිය ඇති කරවීම සඳහා වන කේන්ද්‍රස්ථානය වේ. කොමර්ෂල් බැංකුවේ අප විශ්වාස කරන පරිදි, එම පරිවර්තනයට අත්‍යවශ්‍ය වන්නේ දැනුම, තාක්ෂණය සහ මූල්‍යමය අන්තර්ගතකරණය හරහා ගොවීන් සවිබල ගැන්වීම බවයි. පොළොන්නරුවේ දී අප දියත් කළ මෙම මුලපිරීම, අස්වැන්න වැඩිදියුණු කිරීමට වඩා වැඩි යමක් වේ. එය ජීවනෝපායන් ශක්තිමත් කිරීම, ග්‍රාමීය ව්‍යවසාය නවීකරණය කිරීම සහ අනාගත පරම්පරාවන් උදෙසා ගොවිතැනේ තිරසරභාවය සහතික කිරීම ගැනයි.”
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන: කෘෂි නවීකරණ වැඩසටහන පැවැත්වෙන අයුරු
Video Story