January, 7, 2016
යෞවන කලා ශිල්පියන්ගේ නිර්මාණශීලතාවට රුකුලක් දෙන අන්දමින් විශේෂ වැඩසටහනක් මෑතකදී මන්නාරම දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ JICA ශාලාවේ පැවැත්විය. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ‘තාරුණ්‍යය නිර්මාණ‘ YOUth CREATE ව්‍යාපෘතිය හා මන්නාරම දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ සහභාගිත්වයෙන්ය. එයට දිස්ත්‍රික් මහලේකම් එම්.වයි.එස්. දේශප්‍රිය මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය.
යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් සිදුකරන මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්ක වන්නේ සංස්කෘතිය, සංහිදියාව, අධ්‍යාපනය, කලාව, රංග කලාව යන නිර්මාණශීලතාවයන් වැඩි දියණු කිරිම හා රටේ ජනවාර්ගික හා ප්‍රාදේශික මට්ටමින් ඇති භේදයෙන් තොර කොට මිනිසුන් අතර ශක්තිමත් බැඳීමක් ගොඩ නඟාලීමය.
මෙම ව්‍යාපෘතිය මගින් තරුණ සංස්කෘතික ක්‍රියාකාරීන් සහ මාධ්‍යය හරහා මහජනයාට මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රය තහවුරු කරගැනීමට අවස්ථාව ලබාදීමට උත්සාහ කරනු ලබන අතර කීර්තිමත් හා ප්‍රසිද්ධ කලාකරුවන් සමගින් සංහිඳියාව, ප්‍රජාතන්තව්‍රාදය, ගැටුම් නිරාකරණය හා සම්බන්ධ නිර්මාණ රඟදැක්විමෙන් ජාතික හා ප්‍රාදේශිය මට්ටමින් එක්සතභ්ාවයක් ගොඩනැංවීමට ද උත්සාහ කරයි.
සමාජ අපරාධ, විශ්වවිද්‍යාලීය නවකවද, හේතුවෙන් තරුණයන්ගේ මානසික පීඩා ප්‍රකාශ කරන හා එම තත්වය නුසුදුසු බව හඟවන කෙටි චිත්‍රපට හා ළමා මෙහෙකාර සේවය සම්බන‍්ධ නාට්‍යයයක් හා විවාදයක්ද මන්නාරමේ පැවැති නාට්‍යය උලෙලේදී රඟ දැක්විය.
එම අවස්ථාවේ අදහස් දැක්වූ දිස්ත්‍රික් මහාලේකම් දේශප්‍රිය මහතා සංස්කෘතිය, ජාතිය, භාෂාව හේතුවෙන් භේදවු ජනතාව එක්සත් කිරිම වැදගත් බව අවධාරණය කළේය. මෙවැනි වැඩසටහන් මගින් සාමය හා සමගිය ඇති, ප්‍රචණ්ඩත්වය නැති සමාජයක් රට පුරා නිර්මාණය කළ හැකි බවද කීය.
කෙයාර් ජාත්යන්තර සංවිධානය තාරුණ්‍යය නිර්මාණ (YOUth CREATE) ව්‍යාපෘතිය යාපනය, කිළිනොච්චි, මන්නාරම, මඩකළපුව, අම්පාර, ගාල්ල, මොණරාගල, නුවර හා කොළඔ යන දිස්ත්‍රික්ක වල 2016 වර්ශය අවසානය තෙක් සිදුකරනු ලබයි.
‘තාරුණ්‍යය නිර්මාණ‘ (YOUth CREATE) යන ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර ව්‍යාපෘති වෙබ් අඩවිය වන http://youthcreate.lk/ හරහා සොයා ගත හැක.
Video Story