September, 1, 2015
පුද්ගලික අංශයේ වරාය මෙහෙයුම් කටයුතුවල ඉන්දියාවේ දැවැන්තම සමාගම වන Adani සමූහය විසින් කේරලයේ ඉදිකිරීමට සැරසෙන නව වරාය කොළඹ වරායට අභියෝගයක් වනු ඇතැයි විශ්ලේෂකයින් අවධාරණය කරයි.
ප්‍රතිඅපනයන (transshipment) සඳහා කොළඹට පැමිණෙන බහාලුම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම වරායට අද්දවා ගැනීමේ හැකියාවක් ඇතිවනු ඇතැයි මෙහිදී ඔවුන් පෙන්වා දෙයි.
Vizhinjam වරාය නමින් නම්කර තිබෙන මෙම වරාය ගොඩනගා මෙහෙයුම් කටයුතු කිරීමට මේ සතිය මුලදී කේරල රජය සමග ගිවිසුමකට Adani සමූහය අත්සන් තැබීය.
මෙම වරාය ජාත්‍යන්තර නාවික මාර්ගයන්ට ආසන්නව තිරුවානන්දපුරම් වලට කිලෝ මීටර් 16 ක් දකුණෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මෙම වරාය පිළිබඳව අදහස් දක්වමින් Adani සමූහයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන්නේ මේ වනවිට ප්‍රතිඅපනයන කටයුතු වෙනුවෙන් කොළඹ වරායට ඉන්දියාවෙන් ඇදෙන බහාලුම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම වරායට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
කොළඹ වරාය මගින් ප්‍රතිඅපනයනය කරන බහාලුම් වලින් තුනෙන් දෙකක් පමණම පැමිණෙන්නේ ඉන්දියාවෙනි.
Video Story