December, 8, 2016
ඉදිරියේ දී බ්‍රසීලයෙන් සීනි මිල දී නොගන්නා ලෙස, ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන් සියලූම ගැනුම්කරුවන්ට දැනුම් දී තිබේ. මේ සඳහා ගැනුම්කරුවන්ද එකඟ වී ගිවිසුමක් ද අත්සන් කර ඇත. බ්‍රසීලයෙන් නැව්ගත කරනු ලබන සීනි තොග සමඟ කොකේන් මත්ද්‍රව්‍ය පැමිණි අවස්ථාවන් 6 ක් පසුගිය කාලය පුරාවට වාර්තා වීමත් සමඟම ආනයනකරුවන් විසින් මෙම තීරණය ගෙන තිබේ. මේ පිළිබඳ දැනුම් දීමට පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන්ගේ සංගමය මේ බව අනාවරණය කරන ලදී.
මේ සම්බන්ධයෙන් සීනි ආනයනකරුවන් වැඩිදුරටත් කියා සිටින්නේ සීනි බහාලුම් තුළ එන කොකේන් ශ්‍රී ලංකාව සඳහා නොවන බවත් ඒවා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වැරදීමකින් බවත්ය. මේ දක්වා මත්ද්‍රව්‍ය නාශක අංශයට හෝ රේගුවට මේ සඳහා වකගිව යුත්තන් සොයා ගැනීමට නොහැකි වීම තුළින් මේ බව තහවුරු වන බව සීනි ආනයනකරුවන්ගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන්ගේ සංගමය මෙසේ කියා සිටී.
“බ්‍රසීලයෙන් නැව්ගත කරනු ලබන සීනි යුරෝපය හරහා නැව් මාරුවක් (Transshipment) ලෙස ශ්‍රී ලංකාවට පැමිණේ. මෙතෙක් සොයා ගෙන ඇති කොකේන් සියල්ල පැමිණ ඇත්තේ MSC නැමති නැව් සමාගමේ නැව්වලිනි. සාමාන්‍යයෙන් නැව් මාරු සිදුවන්නේ පෘතුගාලයේ Port Siens වරායෙනි. සාමාන්‍යයෙන් දින කිහිපයක් නැව වරායේ තිබෙන අතර, පැය 24 ක් ඇතුළත නැව් මාරුව සිදු වී ඇත. මාෆියාකරුවන්ට එම කොකේන් තොගය නැව් මාරු වරායේ දී කලට වේලාවට ඉවත් කර ගත නොහැකි වුවහොත් එම යාත්‍රාව පිටත්ව යනු ඇත. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව, කෙන්යාව හා ප්‍රංශය යන රටවලට නිරායාසයෙන්ම කොකේන් ප්‍රවාහනය වී ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකාව කොකේන් පරිභෝජනය කකරන රටක් නොවන බව අවධාරණය කළ යුතුය.“
https://www.youtube.com/watch?v=A9MBpGASRKE
මෙහිදී වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන්ගේ සංගමය මෙසේ පවසයි.
“බ්‍රසීලයෙන් සීනි මිල දී ගැනීමට එකම හේතුව වන්නේ එම සීනි අනෙකු විකුණුම්කරුවන්ගේ සීනිවලට වඩා මෙට්‍රික් ටොන් 1 ක් ඇමරිකානු ඩොලර් 15 ක් අඩු වීමයි. දැනට වරායේ බ්‍රසීලයෙන් ආනයනය කරන ලද සීනි බහලුම් 510 ක් ඇති අතර තවත් බහාලුම් 380 ක් මුහුද මැද ඇත. ඒවා නත්තල සහ නව වසර සමයේ ශ්‍රී ලංකාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒවා නත්තල සහ නව වසර සමයේ ශ්‍රී ලංකාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉහත කී බහාලුම් 890 ක් පිළිබඳව මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ අතිරේක අධ්යක්ෂ ජනරාල්තුමන් වෙත් දැනුම් දී ඇති අතර, එකී නැව් භාණ්ඩ මුදා හැරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට දැනුම් දෙනු ලබන අතර, යම් හෙයිකින් එම බහාලුම් තුළ කොකේන් සොයා ගනු ලැබුවහොත් මින් පෙර අවස්ථාවල දී මෙන් කිසිවකුත් අත්අඩංගුවට ගත යුතු නොවේය යන්න අපගේ අදහසයි.“
Video Story