November, 20, 2015
බදු ක්‍රමය සරල කිරීමේ අරමුණු ඇතිව බදු වර්ග කිහිපයක් ඉවත් කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. මේ අනුව කොටස් ගනුදෙනු සඳහා මෙතෙක් අය කරන ලද එක් ගනුදෙනුවක් සඳහා වූ 0.3% බද්ද ඉවත් කර තිබේ.
මීට අමතරව ඉදිකිරීම් කර්මාන්ත ඇපකර අරමුදල් බදු, සුඛෝපභොගී හා අර්ධ සුඛෝපභෝගී වාහන බදු, සංචාරක සංවර්ධන බදු හා සංස්ථාපිත ආදායම් බදු යන බදු වර්ග ඉවත් ද කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී පැවසීය.
කොටස්කරුවන්ට සිය අයෝජනයට සරිලන ලෙස ලාභාංශ ලැබීම තහවුරු කිරීම සඳහා ලැයිස්තුගත සමාගම් බෙදාහරිනු ලබන අවම ලාභාංශය, බෙදාහැරිය හැකි ලාභයෙන් 15% ක් දක්වා ඉහළ දැමීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.
එසේම රජය, කොටස් වෙළෙඳපොළේ අසාමූහිකරණ (Demutualization) කටයුතු ඉක්මනින් අවසන් කිරීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යවරයා පැවසීය.
Video Story