July, 27, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ දෛනික ගනුදෙනු ආරම්භය මිනිත්තු 10 කින් ප්රමාද වී තිබේ.
මේ අනුව පෙරවරු 9.00 සිට 9.30 දක්වා වන පූර්ව ඇණවුම් කාලපරිච්ඡේදය (Open Auction call session) පෙරවරු 9.40 දක්වා මිනිත්තු 10 කින් දීර්ඝ වී ඇත.
කෙසේ වෙතත් දෛනික වෙළෙඳපොළ ගනුදෙනු පෙරවරු 9.40 ට ආරම්භ වී තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා විවෘත වන අතර පෙරවරු 9.00 සිට 9.30 දක්වා කාලය තුළ පූර්ව ඇණවුම් (Pre orders) තැබීමේ අවස්ථාව ඇත.