කොටස් පොළේ අයථා ගනුදෙනු සෙවීමට අගමැති තේරීම් කාරක සභාවක් ඉල්ලයි

    March, 18, 2015

    2010 වසරෙන් පසුව කොළඹ කොටස් වෙළඳපොළේ සිදුවී ඇතැයි කියන අයථා ගනුදෙනු ගැන සෙවීමට තේරීම් කාරක සභාවක් පත්කළ යුතුබව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණය වී තිබේ.

    එබැවින් එවැනි තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්ට තම යෝජනාව බාරදී ඇතිබව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

    කෙසේවෙතත්, මෙම යෝජනාවට අනුව තේරීම්කාරක සභාවක් පත්කරනු ලබන්නේද නැද්ද යන වග හා අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේදැයි යන්න පිළිබඳ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගනු ඇතිබව සඳහන්ය.