June, 10, 2014
කොළඹ කොටස් වෙළඳ පොළ පවසන්නේ මේ වසරේ මුල් මාස පහ තුළදී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳ පොළේ වර්ධනයක් පෙනෙන්නට තිබෙන බවයි.
මේ අනුව, 2014 මැයි 30 වනදා වනවිට සමස්ත මිල දර්ශකය ඒකක 6,263.46 ක්වූ බවත් එය සියයට 5.9 ක වර්ධනයක් බවත් එස් ඇන්ඩ් පී මිල දර්ශකය මැයි 30 වනදා වනවිට ඒකක 3,454.61 ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් එය සියයට 5.8 ක වර්ධනයක් බවත් සඳහන්ය.
ස්ථාවර තැන්පතු සඳහා සියයට 05 ත් 06 ත් අතර අඩු පොලියක් ලැබීම හේතුවෙන් කොටස් වෙළඳ පොළ ආයෝජනයන් වඩාත් ආකර්ශනීයව ඇතැයි කොළඹ කොටස් වෙළඳ පොළ පවසා තිබේ.
ලයිස්තුගත සමාගම් 293 ක ප්‍රමාණයෙන් සියයට 46 ක් හෙවත් සමාගම් 137 කොටස්වල ඉතා ඉහළ වර්ධනයක් දකින්නට ලැබෙන බවත් ඒවා සියයට 05 කට වඩා වැඩියෙන් ප්‍රතිලාභ ලබාදී තිබෙන බවත් සඳහන්ය.
මින් සමාගම් 49 ක් සියයට 20 කට වැඩි ප්‍රතිලාභ ලබාදී තිබෙන බවත් සමාගම් 51 ක කොටස් මිල සියයට 10 ත් 20 ත් අතර වර්ධනය වූ බවත් සමාගම් 37 ක කොටස් මිල සියයට 5 ත් 10 ත් අතර මිලකින් වැඩිවූ බවත් කොටස් වෙළඳ පොළ කියයි.
මෙම කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් 07 ක් ලයිස්තුගත වී තිබෙන අතර ලයිස්තුගත සමාගම් ප්‍රමාණය 293 ක් දක්වා වර්ධනය වී තිබේ.
Video Story