June, 3, 2014
තම සමාගමේ ගිණුම්වල ඇතිවී තිබෙන රුපියල් මිලියන 172 ක අඩුව පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන නිසා තාවකාලිකව කොටස් ගනුදෙනු අත්හිටුවන ලෙස ඉල්ලා සිටි සියරා කේබල්ස් සමාගමට කොටස් වෙළඳ පොළ දැනුම් දී තිබෙන්නේ අදාළ ගිණුම් වාර්තා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනිවාර්යෙන්ම නිවැරදි කර ඒවා සමාගමේ බාහිර විගණකයින් විසින් සහතික කොට නිවැරදි කළ ශේෂයන් නැවතත් දක්වා ඉදිරිපත් කරන තුරු කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවා තබන බවයි.
විගණනය කළ මූල්‍ය වාර්තා ලබන ජුනි 11 වනදා වනවිට ලබාදීමේ හැකියාවක් තිබෙන බව මෙයට පිළිතුරු ඉදිරිපත් කර තිබෙන සියරා කේබල්ස් සමාගම පවසා ඇත.
Video Story