December, 5, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළේ 2025 වර්ෂය තුළ මේ දක්වා ගනුදෙනු සතියක් තුළ වාර්තා වූ වැඩිම කඩා වැටීම මෙම සතිය තුළ දී වාර්තා වී තිබේ.
ඒ අනුව සමස්තයක් ලෙස ඒකක 1,215.74ක පහළ යාමක් මෙම සතිය තුළ දී වාර්තා වී ඇත. එනම් පසුගිය සතියට සාපේක්ෂව 5.35%ක පහළ යාමක් මෙම සතියේ දී කොටස් වෙළෙඳපාළෙන් වාර්තා වේ.
පසුගිය නොවැම්බර් 28 සිකුරාදා ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,712.82 ක් ලෙසින් සටහන් වූ අතර එය අද (05) දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සටහන් වූයේ ඒකක 21,497.08ක් ලෙසයි.
පසුගිය සතියේ සිකුරාදා (28) දින කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 8,122.78 ක් ලෙසින් වාර්තා වුණි. එම වටිනාකම අද (05) දිනය අවසානයේ දී රු. බිලියන 7,699.16ක් ලෙසින් සටහන්ව ඇත.
ඒ අනුව මෙම සතිය තුළ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 423.61කින් මෙම සතිය තුළ දී පහළ ගොස් තිබේ. එනම් සතියක් තුළ කොටස් වෙළෙඳපොළෙන් ගිලිහීගොස් ඇති වටිනාකම රු. බිලියන 423.61 කි.
මෙම සතියේ එක් එක් දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූයේ පහත ආකාරයෙනි.
2025 නොවැම්බර් 28 - ඒකක 22,712.82
2025 දෙසැම්බර් 01- ඒකක 22,022.06
2025 දෙසැම්බර් 02 - ඒකක 22,241.57
2025 දෙසැම්බර් 03 - ඒකක 21,826.59
2025 දෙසැම්බර් 04 - (නිවාඩු දිනයකි)
2025 දෙසැම්බර් 05 - ඒකක 21,497.08
Video Story