December, 6, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) දිනයේ දී ඒකක 53.96 කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 13,613.37 ක් ලෙසින් සටහන් විය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක දහතුන් දහසේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 9.02 කින් ඉහළ ගොස් ඒකක 4,062.05 ක් ලෙසින් දිනය අවසානයේ දී වාර්තා වී තිබුණි.
අද දින රු. බිලියන 4.99ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.77 ක් යා දේශීය විකිණුම් රු. බිලියන 4.34 ක් ලෙසින් සටහන්ව තිබූ අතර විදේශී්ය මිල දී ගැනීම් රු. මිලියන 217 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 646ක් ලෙසින් වාර්තා වුණි.
Video Story