කොටස් වෙළෙඳපොළෙන් අද හොඳ ආරම්භයක්

    June, 24, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද (24) උදෑසන ගනුදෙනු ආරම්භයේ මුල් පැය 1 1/2ක කාලය තුළ දී, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 400ක් ඉක්මවූ කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුණි.

    ඊයේ (23) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 322.55 ක කඩා වැටීමක් වාර්තා කළ පසුබිමක අද දින ගනුදෙනු ආරම්භයේ දී මෙලෙස වර්ධනයක් වාර්තා වීම සුවිශේෂී තත්ත්වයකි.

    ඒ වන විට රු. බිලියන 1.78 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.