කොටස් වෙළෙඳපොළේ අදත් දරුණු පසුබැස්මක්

    December, 5, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 329.51ක පහළ යාමක් වාර්තා කළේය. එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.51% ක පසුබැස්මක් වන අතර දිනයේ දී ගනුදෙනු අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,467.08ක් ලෙසින් සටහන්ව තිබුණි.

    S&P SL20 දර්ශකය අද දින ඒකක 105.03කින් පහළ ගිය අතර එහි අගය ගනුදෙනු අවසානයේ දී ඒකක 5,925.63ක් ලෙසින් වාර්තා විය.

    රු. බිලියන 3.96ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වී තිබුණි.