January, 8, 2026
පහත සඳහන් නිවේදනය කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගමක් වන Lanka Securities (පුද්ගලික) සමාගම විසින් නිකුත් කරන ලදී.
පසුගියදා කොළඹ කොළඹ වෙළෙඳපොළ තුළ Wealth Trust Securities PLC සමාගමේ කොටසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ ගැටළුව සම්බන්ධයෙන් Lanka Securities ආයතනය මඟින් සිදුකළ නිවේදනයයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ මෑතකදී සිදු වූ ගනුදෙනු ඇනහිටීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමට Lanka Securities (පුද්ගලික) සමාගම අදහස් කරයි.
Wealth Trust Securities PLC සමාගමේ කොටසක් රුපියල් 25,000 ක මිලකට විකිණීම සඳහා වන කිසිදු පූර්ව-විවෘත (pre-open) ඇණවුමක් Lanka Securities සමාගම විසින් ඉදිරිපත් කර නොමැති අතර, ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන පරිදි මෙම සිදුවීමට අප සමාගම වගකිව යුතු නොවේ.
Lanka Securities යනු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) නියාමනයට යටත්ව සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ නීතිරීතිවලට අනුකූලව අතරමැදියෙකු ලෙස ක්‍රියාත්මක වන ආයතනයකි. මෙම කරුණ සම්බන්ධයෙන් දැනට අදාළ නියාමන බලධාරීන් විසින් විමර්ශනය කරමින් පවතින අතර, Lanka Securities සමාගම එම ක්‍රියාවලිය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙයි.
Lanka Securities සමාගම සැමවිටම කටයුතු කරනුයේ උසස් වෘත්තීය ප්‍රමිතීන් සහ නියාමන අනුකූලතාවයට ප්‍රමුඛතාවය දෙමිනි. ආයෝජකයන්ගේ සුරක්ෂිතභාවය මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීම අප ආයතනික වගකීමක් ලෙස සලකන අතර ඉහළ වෘත්තීය ප්‍රමිතීන් සහ විනිවිදභාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව කැපවීමට අප කටයුතු කරනු ඇත.
Video Story