කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්. අඛණ්ඩව 9 වෙනි දිනටත් ඉහළට

    January, 6, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 278.16ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කළ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.21%ක ඉහළ යාමක් වේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,292.91 ක් ලෙසින් සටහන් වුණි.

    දිනයේ වඩාත් වැදගත් කරුණ වූයේ S&P SL20 දර්ශකය 2.19%ක දැවැන්ත වර්ධනයක් දිනය තුළ අත්පත් කරගැනීමයි. එහිදී S&P SL20 දර්ශක අගය ඒකක 136.41කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 6,363.85ක් ලෙසින් සටහන් විය.

    අද දින රු. බිලියන 6.59 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.