කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්. ඒකක 474කින් ඉහළට

    March, 10, 2026

    අද (10) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 474.38ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය.

    ඊයේ (09)  දින ඒකක 797.77 ක කඩා වැටීමකින් පසු, අද (10) දිනයේ දී මෙයාකාර වර්ධනයක් වාර්තා කිරීම ආයෝජකයින් හට යම් අස්වැසිල්ලක් ගෙන දීමට සමත් වූ කරුණකි.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 151.56කින් අද දින ඉහළ ගියේය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,378.52ක් හා S&P SL20 දර්ශකය ඒකක 6,280.42ක් ලෙසින් සටහන් වූ අතර පිළිවෙලින් මෙය පෙර දිනය හා සැසඳීමේ දී 2.17% ක හා 2.47%ක ඉහළ යාමක් වේ.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.47කි. දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.42 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.27ක් ලෙසින් වාර්තා විය. මේ අතර ශුද්ධ විදේශ ගලායාමක් සටහන් කරමින් අද දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 48ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 203ක් ලෙසින් දැක්වුණි.