කොටස් වෙළෙඳපොළේ ජනවාරි 01 වැනිදා නිවාඩුව අහෝසියි

    October, 31, 2024

    2025 වසර සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ නිවාඩු දින ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙහි ඇති විශේෂත්වය නම් මෙතෙක් වසරේ පළමු දින, එනම් ජනවාරි 01 වැනිදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණු සම්ප්‍රදාය එළඹෙන 2025 වසරේ සිට අහෝසි වී තිබීමයි.

    මේ දක්වා සෑම වසරකම ජනවාරි පළමුවැනිදා කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයක් වූ අතර එය CSE Customary Holiday යන විශේෂ යෙදුමෙන් හඳුන්වන ලදී.

    කෙසේවෙතත් 2025 කොටස් වෙළෙඳපොළ නිවාඩු දින ලැයිස්තුවට අනුව 2025 ජනවාරි 01 වැනි දින කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නැත. 2025 ජනවාරි පළමුවැනිදා බදාදා දිනයකි.

    2025 වසරේ කොටස් වෙළෙඳපොළ නිවාඩු දින ලැයිස්තුව පහතින් දැක්වේ.