කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්. සියලු කොටස් දහතුන්දහසේ සීමාව යළි පසුකරයි

    November, 22, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,000 සීමාව අද දින යළි පසුකරනු ලැබීය. ඒ දිනය තුළ ඒකක 72.17 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට එය සමත්වීමත් සමඟිනි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 13,054.27 ක් ලෙසින් වාර්තා විය.

    මෙම සතියේ අවස්ථා දෙකක දී කොළඹ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පසුබෑමකට මුහුණ දුන් අතර එහිදී නොවැම්බර් 19 දින ඒකක 125.6 කින් නොවැම්බර් 21 දින ඒකක 131.4කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට සිලෝන් බෘෘවරි, කොමර්ෂල් බැංකුව, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, සෙලාන් බැංකුව සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් යන සමාගම්විලන් ඉහළ ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.

    කෙසේවෙතත් බුකිට් ඩාරා, LOLC හෝල්ඩිංග්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ HNB (නිෂ්ඡන්ද)  යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට සෘණෘත්මක ලෙසින් බලපාන ලදී.

    මේ අතර S&P SL20 දර්ශකය අද දිනය තුළ ඒකක 10.31 කින් ඉහළ ගොස් ඒකක 3,871.23 ක් ලෙසින් වාර්තා වුණි.

    රු. බිලියන 1.90 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනය තුළ වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.82 ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 1.83 ක් ලෙසත් සටහන්ව තිබුණි.

    විදෙස් ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉතා පහළ මට්ටමක දිනය තුළ පැවති අතර දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 83 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 66 ක් ලෙසින් වාර්තා විය.