December, 20, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ ඉහළම අගය අද (20) දින නැවත වරක් අලුත් කරන ලදී. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය අද දිනයේ දී ඒකක 14,800 සීමාව ඉක්මවා ගියේය.
අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 156.44 කින් ඉහළ ගොස් ඒකක 14,810.70 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.67 කින් ඉහළ ගොස් ඒකක 4,420.79 ක් ලෙසින් වාර්තා විය.
අද දිනයේ දී වඩාත් කැපීපෙනෙන කරුණ වූයේ රු. බිලියන 9.23 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි.
සෙන්ට්රල් ෆයිනෑන්ස් කම්පැනි, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, මෙල්ස්ටාකෝප්, ඇක්සෙස් ඉන්ජිනිරින්ස් සහ ෂෙව්රෝන් ලුබ්රිකන්ටස් ලංකා යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට අද දිනයේ දී ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණි.
Video Story