May, 22, 2025
කොටස් වෙළඳපොළ මිල දර්ශක වල ඉහළ යාමක් අද(22) දිනයේ ද දක්නට ලැබුණි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 117.46 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,473.37ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 26.15 කින් ඉහළ ගොස් ඒකක 4,842.51ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 126ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර කාර්ගීල්ස් සිලෝන්, මෙල්ස්ටාර්කෝප්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ඩයලොග් ආසියාටා සහ හේමාස් හෝල්ඩිංග්ස් යන සමාගම් සියළු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුමෙහි අගය වාර්තා වූයේ රු. බිලියන 4.54 ක් ලෙසයි.
Video Story