March, 12, 2026
දිනෙන් දින උත්සන්න වන මැදපෙරදිග අර්බුදය හමුවේ මේ වන විට ගෝලීය ආර්ථිකය බරපතළ අවදානමකට ගොදුරුව ඇත. එහි හරස්කඩක් බඳු ශ්රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ද නිරන්තරයෙන් ඊට ප්රතිචාර දක්වමින් දිනපතා විශාල උච්ඡාවචනයක් ප්රදර්ශනය කරමින් සිටී.
අද (12) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 363.43ක පහළ යාමක් වාර්තා කර තිබෙන අතර නැවත වතාවක් ඒ අනුව සියලු කොටස් මිල දර්හක අගය අද දිනයේ දී ඒකක 22,000 සීමාවෙන් මෙපිටට පැමිණෙනු දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,988.12ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 107.42කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,172.28ක් ලෙසින් සටහන් වී ඇත. සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව අද (12) දිනයේ දී පිළිවෙලින් 1.63% ක් හා 1.71% ක් බැගින් පහළ ගොස් ඇත.
රු. බිලියන 4.10ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.
Video Story