කොටස් වෙළෙඳපොළ අද පිරිවැටුම රු. බිලියන 8 ඉක්මවයි

    February, 3, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් අද (03) දින වාර්තා වුණි. මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 3ක පහළ යාමකින් පසුවය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 52.52කින් ඉහළ ගොස් ඒකක 23,734.50ක් ලෙසින් සටහන් වුණි. S&P SL20දර්ශකයේ ඒකක 0.14කින් ඉහළ ගොස් ඒකක 6,597.34ක් ලෙස දැක්වුණි.

    මේ අතර අද දින රු. බිලියන 8.24ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. ඒ සඳහා කොමර්ෂල් බැංකුවේ ගිවිසා ගනු ලැබූ ගනුදෙනු කිහිපයක් සමඟින් රු. බිලියන 3.22 ක පිරිවැටුමක් වාර්තා වීම සුවිශේෂී සිදුවීමකි.