April, 9, 2025
පසුගිය අප්‍රේල් 02 වන දිනෙන් පසු දැවැන්ත කඩා වැටීමකට ලක්වූ කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් ඊයේ (08) දිනයේ දී වාර්තා වුවද අද (09) දින නැවත වරක් එහි කැපීපනෙන පහළ යාමක් දක්නට ලැබුණි.
අද (09) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 251.76කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 14,875.95ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 105.80කින් පහළ ගොස් ඒකක 4,352.69 ක් ලෙසින් සටහන් විය. මෙය පිළිවෙලින් පසුගිය දිනයට සාපේක්ෂව 1.66% ක සහ 2.37% ක කඩාවැටීම් වේ.
රු. බිලියන 3.08 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
අද දිනයේ දී සමාගම් 149 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබුණු අතර හේලීස්, සම්පත් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව සහ HNB යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් හේතු වී තිබිණ.
පසුගිය අප්‍රේල් 02 දින සිට අද (09) දින දක්වා ගනුදෙනු දින 05ක් තුළ දී ඒකක 1,131.49 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් ඇත. මෙය මෙම දින 05 තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළේ 7%ක කඩා වැටීමකි.
Video Story