November, 28, 2024
අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි.
එහිදී ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 114.50 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 13,164.33 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 ඒකක 41.97කින් ඉහළ ගොස් ඒකක 3,918.58 ක් ලෙසින් සටහන් විය.
අද දිනයේ කැපීපෙනුනු කරුණ වූයේ රු. බිලියන 5 ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා වීමයි. ඒ සඳහා සම්පත් බැංකුවේ රු. බිලියන 1.67 ඉක්මවූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ප්‍රධාන වශයෙන් හේතු වු අතර සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා ද සම්පත් බැංකුවේ රු. මිලියන 301 ක කොටස් හුවමාරු වී තිබුණි.
මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි රු. මිලියන 224ක ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනුවක් සහ රු. මිලියන 184ක වෙළෙඳපොළ ගනුදෙනු වාර්තා විය.
තවත HNB බැංකු සමාගමේ ද පිළිවෙලින් රු. මිලියන 179 ක් සහ රු. මිලියන 97 ක් බැගින් වූ ගිවිසා ගනු ලැබූ හා වෙළෙඳපොළ ගනුදෙනු වාර්තා වී තිබුණි.
වෙළෙඳපොළ ගනුදෙනු හරහා රු. මිලියන 100 ඉක්මවා පිරිවැටුම් වාර්තා වූ සෙසු සමාගම් ලෙසින් සිට්රස් ලෙෂර්( රු. මිලියන 123), හේමාස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 114) හා බේරුවල රිසෝට්ස් (රු. මිලියන 110) දැක්විය හැකිය.
අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට සම්පත් බැංකුව, HNB, ලයන් බෘෘවරි, කොමර්ෂල් බැංකුව හා NDB යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් ප්‍රධාන වශයෙන් ඉවහල් විය.
Video Story