March, 6, 2026
මැදපෙරදිග යුධ උණුසුම හමුවේ මෙම සතිය පුරාවට ඉමළ උච්ඡාවචනයන් ප්‍රදර්ශනය කළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (06) දිනයේ දී පහළ යාමක් නිරූපණය කරමින් මෙම සතිය නිමාකළේය.
අද (06) දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 131.62කින් පහළ ගොස් ඒකක 22,701.91ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 65.05කින් පහළ ගොස් ඒකක 6,360.75ක් ලෙසින් වාර්තා විය.
දිනය තුළ රු. බිලියන 5ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.94ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.44ක් ලෙසින් සටහන් විය. දිනය තුළ ශුද්ධ විදේශීය ගලා යාමක් සටහන් කරමින් විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 61ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 886ක් ලෙසින් වාර්තා වී තිබේ.
Video Story