January, 5, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (05) දිනයේ දී යළිත් වරක් ඒකක 23,000 සීමාව ඉක්මවා යාමට සමත්විය.
2025 නොවැම්බර් 12 දින මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 23,659.7 සීමාවට පැමිණීමෙන් පසු එහි ක්‍රමික පහළ යාමක් සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2025 නොවැම්බර් 20 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවෙන් මෙපිටට පැමිණෙන ලදී. ඉන්පසු ප්‍රථම වතාවට දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,000 සීමාව අභිබවා ගියේ අද (05) දිනයේ දීය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය 23,014.75 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 150.67ක හෙවත් 0.66%ක ඉහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 41.35කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 6,227.44 ක් ලෙසින් සටහන් වුණි.
අද දින රු. බිලියන 5.77ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

Video Story