කොටස් වෙළෙඳපොළ ඒකක 250කින් පහළට

    December, 22, 2025

    අද (22) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් වාර්තා විය.

    එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 250.89 ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 42.18කින් පහළ ගියේය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,898.20 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,014.36ක් ලෙසත් ඒ අනුව වාර්තා වුණි.

    රු. බිලියන 2.97ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

    මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.91ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.92ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 57ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 48 ක් ලෙසින් සටහන්ව තිබේ.