කොටස් වෙළෙඳපොළ ඒකක 375කින් ඉහළට

    March, 20, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශක අද (20) දිනයේ වර්ධනයක් වාර්තා කර තිබේ.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 375.72ක වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගත් අතර S&P SL20 දර්ශකය ඒකක 105.30ක වර්ධනයක් වාර්තා කරන ලදී ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,639.73ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 5,756.71ක් ලෙසත් සටහන් වුණි.

    රු. බිලියන 4.38ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.