October, 22, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ මිශ්‍ර හැසිරීමක් අද (22) දිනයේ දී දක්නට ලැබිණ.
අද පෙරවරුවේ දී මිල දර්ශකවල ඉහළ යාමක් දක්නට ලැබුණ ද ක්‍රමයෙන් ඒවායේ පහළ බැසීමක් නිරීක්ෂණය කළ හැකි විය.
එහි දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7.45 කින් ඉහළ ගොස් ඒකක 22,791.07ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 7.21කින් පහළ ගොස් ඒකක 6,276.86ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 98ක පමණක් කොටස් මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 132කින් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයි.
එහි දී කළම්බු ඩොක්යාර්ඩ්, සම්පත් බැංකුව, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, හරිස්චන්ද්‍ර මිල්ස් සහ හන්ටර්ස් ඇන්ඩ් කම්පැනි යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.61ක් ලෙසයි.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.39ක් හා දේශීය විකිණුම් රු. බිලියන 6.16 ක් ලෙසින් සටහන් වී තිබුණි.
මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 219ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 454ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.
Video Story