කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

    April, 7, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51 ට විනාඩි 30ක කාලයක් සඳහා අත්හිටුවන ලදී.

    ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90 ක් ලෙසින් වාර්තා වුණි.

    එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 5.30% ක හා 4.16% ක පහළ යාමක් වේ.