May, 16, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පියවීම සඳහා මෙතෙක් අනුගමනය කරන ලද T+3 ක්‍රමවේදය එළඹෙන ජූනි 10 වන දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ T+3 ක්‍රමවේදය, ජූනි 10 වන දින සිට T+2 දක්වා සංශෝධනය කෙරෙන බවයි.
T+3 යනු යම් කොටස් ගනුදෙනුවක් (Transaction) සිදුවූ විට ඊට අදාළ පියවීම, ගනුදෙනු දිනයේ සිට තුන්වෙනි දිනයේ දී සිදුකිරීමයි.
මෙම නව නිවේදනයට අනුව එම ක්‍රමවේදය, ගනුදෙනුව සිදු වූ දිනයේ සිට දින 2ක් දක්වා අඩුවෙනු ඇත.
ඒ අනුව 2024 ජූනි 10 වෙනි දින සිදුකෙරන ගනුදෙනුවලට අදාළ පියවීම් 2024 ජූනි 12 වෙනි දින සිදුකිරීමට නියමිතය.
මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායකවරයා වැඩිදුරටත් පවසන්නේ 2024 ජූනි 07 වන දින සිදුකෙරෙන ගනුදෙනුවලට අදාළ වන්නේ T+3 ක්‍රමවේදය බැවින් එදින සිදුකෙරෙන ගනුදෙනුවලට අදාළ පියවීම් ද ජූනි 12 වෙනි දින සිදුකෙරනු ඇති බවයි.
මෙම සංශෝධනය සියලු කොටස් ගනුදෙනු සඳහා අදාළ වේ.
Video Story