කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි. මිල දර්ශකවල සුළු ඉහළ යාමක්

    February, 25, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු වර්ධනයක් අද (25) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 12.48කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 4.15කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,703.10ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,685.27ක් ලෙසත් සටහන් වුණි.

    අද දින රු. බිලියන 4.02ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.97ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.90ක් ලෙසින් සටහන් වූ අතර විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉතා පහළ මට්ටමක තිබෙනු දක්නට ලැබුණි. අද විදෙස් මිල දී ගැනීම් රු. මිලියන 48ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 114ක් ලෙසින් වාර්තා විය.