November, 25, 2016
අත්හිටුවනු ලැබූ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සුපුරුදු පරිදි ප.ව. 12.30 ට යළි ආරම්භ විය.
කොළඹ කොටස් වෙළෙඳපොළ සත්‍ය ආපදා තත්වයකදී කටයුතු කළයුතු අකාරය අත්හදා බැලීමත් ඒ සඳහා වන පෙර සූදානම තක්සේරු කිරීමත් අරමුණු කරගනිමින් පෙර විනිශ්චිත බිඳවැටීම් තත්වයක් (Planned Failover) සැලසුම් සහගත ලෙස අත්හදා බැලීම සඳහා අද දින ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයෙහි සිට ස්වයංක්‍රීය ගනුදෙනුකරන පද්ධතිය (ATS, version 7) ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබීම හේතුවෙන් මෙලෙස අද පෙ.ව 11.30 සිට ප.ව. 12.30 දක්වා කාලය තුළ දෛනික ගනුදෙනු අත්හිටුවීමට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව තීරණය කරනු ලැබීය.