කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා

    August, 23, 2017

    කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල, කොළඹ සහ අම්බලන්තොට යන ශාඛාවන්හිදී පැවැත්වීමට නියමිතය. අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් කොටස් වෙළෙඳපොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක.

    මීට අමතරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව, “කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට” නමින් ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජනය හා එහි ප්‍රතිලාභ පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ ආයෝජන සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කොට ඇත. ඉදිරියේදී මෙම සම්මන්ත්‍රණ යාපනය (අගෝස්තු 26) සහ මහනුවර (සැප්තැම්බර් 9) පැවැත්වීමට නියමිතය. වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.