කොටස් වෙළෙපොළේ අද පසුබැස්මක්

    January, 19, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පසුබැස්මක් අද (19) දැකගත හැකි විය. .

    එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 103.73ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක20.73කින් පහළ ගියේය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,627.87ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,539.35ක් ලෙසත් වාර්තා වුණි.

    රු. බිලියන 4.68ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.