කොට්ටාවට බැංකු කළාපයක්

    July, 24, 2014

    කොට්ටාව නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට කොට්ටාව නගරය තුළ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර තුනහ මාරක පමණ ඉඩමක් බැංකු කාර්යාල පිහිටුවීම සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, එන්.පී.කේ. රණවීර මහතා මෙසේ පැවසීය.

    “කොට්ටාව නගරය තුළ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 05 ක ඉඩමක් තිබෙනවා. එයින් අක්කර 1.5 ක් බස් නැවතුම්පොළ ඉදිකිරීමට මේ වනවිට වෙන්කර තිබෙනවා. ඉතිරි අක්කර 3.5 ක ප්‍රමාණය අපි වෙන්කර තිබෙන්නේ නගරයේ බැංකු කාර්යාල පිහිටුවීම ඇතුළුව වාණිජ ආයතන පිහිටුවීම සඳහායි.“

    “මේ වනවිටත්, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මෙම බැංකු කළාපයේ කාර්යාල පිහිටුවීමට කැමැත්ත දක්වා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ කොට්ටාව නගරයේ අනිකුත් බැංකු ශාඛාත් මෙම ස්ථානයට පැමිණෙයි කියලයි.“

    කොට්ටාව නගරය සංවර්ධනය කිරීමේ කටයුතු රජය මේ වනවිට සිදුකරමින් තිබෙන අතර මේ යටතේ පැරණි බස් නැවතුම්පොළ එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

    මාර්ග සංවර්ධන අධිකාරිය විසින්ද කොට්ටාව නගරයේ ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කරයි.