December, 14, 2015
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් පසුගියදා නිකුත් කරන ලද ණයකර නිකුතුව සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී තිබේ. 2015 දෙසැම්බර් 03 වැනි දින විවෘත කරන ලද මෙම ශ්‍රේණිගත, සහතික කළ, යටත් කළ හැකි, නිදහස් කළ හැකි, රුපියල් 100 බැගින් වූ මුහුණත අගයකින් යුතු වූ පස් අවුරුදු ණයකතර නිකුතුව, විවෘත කර කෙටි කාලයක් තුළ දී අධිදායකත්වයක් ලැබීම හේතුවෙන් අවසන් කරන ලදී. මෙම නිකුතුව හරහා රුපියල් බිලියන 2 ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට සමාගමට හැකියාව ලැබී තිබේ.
මෙම ණයකර ද්විතීයික වෙළෙඳ ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කිරීමට නියමිතය. වර්ග දෙකකින් තෝරා ගත හැකි මෙම ණයකර නිකුතුවෙහි, Aකාණ්ඩය සඳහා 10.67% ක වාර්ෂික සඵල පොළී අනුපාතිකයක් හිමිවනු ඇත. B කාණ්ඩය සඳහා භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතිකය + 1.5% ක පොළියක් හිමිවේ. මෙම නිකුතුව ICRA ලංකා ලිමිටඩ් විසින් “[SL] A+ (SO) Rating with Stable Outlook” ලෙස ශ්‍රේණිගත කර තිබේ.
මෙම නිකුතුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් කාසි චිට්ටි මහතා මෙසේ කියා සිටියේය. “ආරම්භක දිනයේ දීම ණයකර නිකුතුව සඳහා මෙයාකාරයෙන් අධිදායකත්වයත් පැවතීම තුළින් තහවුරු වන්නේ, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පිළිබඳ ආයෝජකයින් තුළ ඇති විශ්වාසයයි. එසේම එළඹෙන වසර කිහිපය තුළ අපගේ වර්ධනීය සැලසුම් අනුමත කිරීමක් මෙයින් පිළිබිඹු වෙනවා. මෙහි දී අප සමාගමේ සියලූම ආයෝජකයින් හා පාර්ශවකරුවන් හට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.“
මෙම ණයකර නිකුතුව හරහා සම්පාදනය කර ගන්නා අරමුදල් සමාගමේ දෙවන පෙළ ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කරලීමට දායකත්වය ලබා දෙනු ඇත. එසේම සමාගමේ වත්කම් පදනම සවිගැන්වීමටත්, කල්පිරීමේ දී වත්කම් හා වගකීම් අතර ඇතිවිය හැකි අයෝග්‍ය ගැළපීම් වළක්වනු පිණිස පොළී අනුපාතික අවදානම අඩුකිරීමටත් ඛෙහෙවින් ඉවහල් වනු ඇත.
“මෙම වසර තුළ දී සමාගමේ ණය දීම් පුළුල් කර තිඛෙන අතර පුද්ගලික ණය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. ණයකර නිකුතුව තුළින් රැස්කර ගත් අරමුදල් දිගුකාලීන ණයදීමේ මූලාශ්රයන් විවිධාංගීකරණයටත් වත්කම් වගකීම් නොගැළපීම් අවම කරලීමටත් සහාය වනු ලැබේ“, යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මනා කොට ස්ථාපිත කර ගනු ලැබූ අරමුණකින්, දැක්මකින් හා මෙහවරකින් යුතු සමාගම, 2018 වසරේ දී සාක්ෂාත් කරගැනීමට නියමිත පරිපූර්ණ මූලෝපායික සැලස්මක් සමාගම මේ වන විට ක්‍රියාවට නංවා ඇත. මේ තුළින් ශක්තිමත් ආයතනික සංස්කෘතියක් ගොඩනංවා ගැනීමටත්, නව්‍ය සේවා දියත් කිරීමටත්, මූල්‍ය ක්ෂේත්රය තුළ පෙර නොවූ විරූ ස්ථානයක් තහවුරු කර ගැනීමටත් සමාගම මෙහිදී බලාපොරොත්තු වේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රය අරමුණු කර ගනිමින් සමාගම තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඉහළ මූල්‍ය ඉලක්ක හා ඉහළ ජීවන තත්ත්වයන් අපේක්ෂිත ගනුදෙනුකරුවන් සවිබලගැන්වීම සමාගමේ ප්‍රධන භූමිකාවක් වනු ඇත. මීට අමතරව පුළුල් වූ ගනුදෙනුකාර පදනමක් සමගිින් දිවයින පුරා සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ද සමාගම මෙහිදී බලාපොරොත්තු වේ.
මෙම ණයකර නිකුතුවේ කළමනාකරුන් ලෙස ඇක්විටි පාට්නර්ස් (පුද්) සමාගම කටයුතු කරනු ලැබීය.
Video Story