කොමර්ෂල්, ජෝන් කීල්ස් සහ NDB වෙත විදේශීය ඇල්ම

    May, 19, 2014

    අද සමස්ත මිල දර්ශකය ඒකක 4.05 කින් ඉහළ ගොස් ඒකක 6,319.24 ක් වෙද්දී   එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 6.38 කින් පහළ ගොස් ඒකක 6,319.24 ක් විය.

    සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කොටස් මිල සියයට 5.4 කින් ඉහළ ගොස් රුපියල් 13.50 ක්ද, ඩයලොග් ආසිආටා කොටස් සියයට 3.2 කින් ඉහළ ගොස් රුපියල් 9.80 ක්ද, කැපිටල් ඩෙවලොප්මන්ට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් කොටසක් සියයට 6.2 කින් ඉහළ ගොස් රුපියල් 499.80 ක්ද වූ අතර බුකිට් ඩාරා කොටසක් සියයට 1.5 කින් පහළ ගොස් රුපියල් 660.00 ක්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කොටසක් සියයට 0.4 කින් පහළ ගොස් රුපියල් 234.00 ක්ද විය.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 590 කි. කොමර්ෂල් බැංකුවේ මිලියන 0.4 ක කොටස් එකක් රුපියල් 129.50 ක් සහ ජෝන් කීල්ස් සමූහයේ කොටස් මිලියන 0.2 ක් එකක් රුපියල් 235.00 ක් බැගින් ගිවිසගත් ගනුදෙනු ලෙස හුවමාරු විය.

    කොමර්ෂල් බැංකුව වෙළඳ පොළ පිරිවැටුමට රුපියල් මිලියන 118 කින් සහ ජෝන් කීල්ස් සමූහය රුපියල් මිලියන 62 කින් වෙළඳ පොළ පිරිවැටුමට දායකත්වය දැක්වීය. ජාතික සංවර්ධන බැංකුව පිරිවැටුමට දැක්වූ දායකත්වය රුපියල් මිලියන 38 කි.

    අද ජෝන් කීල්ස් සමූහයේ කොටස් බලපත්‍ර 0022, වැලිබල් වන් හා ජාතික සංවර්ධන බැංකුවේ කොටස් වැඩි වශයෙන් ගනුදෙනු විය.

    විදේශීය ආයෝජකයින් අද වැඩිපුර කොටස් මිලදී ගත් අතර ශුද්ධ විදේශීය කොටස් මිලදීගැනීම රුපියල් මිලියන 178 කි. වෙළඳ පොළ ක්‍රියාකාරීත්වය සඳහා විදේශීය සහභාගීත්වය සියයට 28 ක් වන අතර විදේශිකයින් විසින් කොමර්ෂල් බැංකුවේ රුපියල් මිලියන 76 ක කොටස්, ජෝන් කීල්ස් සමූහයේ රුපියල් මිලියන 57 ක කොටස් ජාතික සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 20 ක කොටස් මිලදී ගන්නා ලදී.

    එයිට්කන් ස්පෙන්ස් සමාගමේ රුපියල් මිලියන 04 ක කොටස් විදේශිකයින් විසින් විකුණා දැමීය.