කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක්

    July, 28, 2014

    කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ බැංකු කරුවෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වන කේ.ජී.ඩී.ඩී.ධීරසිංහ මහතා හෙට සිට බලපැවැත්වෙන පරිදි පත්කළ බව කොමර්ෂල් බැංකුව කියයි.

    බැංකු ක්ෂේත්‍රය පිළිබඳව වසර 37 ක පමණ අත්දැකීම් ඇති ධීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙසද කටයුතු කළේය.

    මීට අමතරව, එම්.පී. ජයවර්ධන මහතා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත්කර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ස්ටෙෆාන් වීරක්කොඩි මහතා අද සිට එම තනතුරෙන් ඉවත් වනබව කොළඹ කොටස් වෙළඳ පොළ වෙත බැංකුව නිවේදනය කර තිබුණි.