July, 15, 2020
කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා ඉතිරිකිරීමේ ගිණුම් හිමි කාන්තාවන්ට තමන්ගේ ගිණුමේ නිර්දේශිත අවම ඉතිරි කිරීමක් පවත්වාගෙන යන්නේ නම් රුපියල් 500,000 ක් දක්වා නොමිලේ පුද්ගලික අනතුරු රක්ෂණාවරණයක් ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ.
මෙම පුද්ගලික අනතුරු රක්ෂණාවරණය ෆෙයාෆර්ස්ට් රක්ෂණ සමාගම හරහා ලබාදෙන අතර මෙම රක්ෂණ සමාගම ලෝකයේ විශාලතම සාමාන්‍ය රක්ෂණ සමූහයක් වන ෆෙයාෆැක්ස් සමාගමට අනුබද්ධ සමාගමකි. බැංකුව සඳහන් කරන්නේ මාස හයක කාලයක් තුළ ‘අනගි’ ගිණුමක් තුළ රුපියල් 250,000 ක ශේෂයක් පවත්වාගෙන යන කාන්තාවන්ට මෙම පුද්ගලික අනතුරු රක්ෂණාවරණය පිරිනමන බවයි.
කාන්තාවන්ගේ කාර්ය බහුල ජීවන රටාවට වැඩිපුර අගය එකතු කිරීමක් කිරීම සඳහා මෙම පුද්ගලික අනතුරු රක්ෂණාවරණය ලබාදුන් බව බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. අවුරුදු 18 සිට අවුරුදු 70 ක් දක්වා ‘අනගි’ ගිණුම් හිමි කාන්තාවන් මෙම රක්ෂණාවරණය ලබාගැනීමට සුදුසුකම් ලබයි.
හදිසි මියයෑම්, සදාකාලික පූර්ණ ආබාධිත වීමක් සහ සදාකාලික අර්ධ ආබාධිත වීමක් මෙම රක්ෂණාවරණයට ඇතුළත් වන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම පහසුකම සඳහා සුදුසුකම් ලබන ‘අනගි’ ගිණුම් හිමියන්ට අනතුරක් වීමෙන් පසුව බැංකුවේ ළඟම ශාඛාවට තම රක්ෂණාවරණය ඉදිරිපත් කිරීමෙන් පසුව එහි ප‍්‍රතිලාභ ලබාගත හැකිවේ. යම් අවස්ථාවක ‘අනගි’ ගිණුම් හිමි කාන්තාව අවාසනාවන්ත ලෙස මරණයට පත්වුවහොත් ඇය විසින් නම් කරන ප‍්‍රතිලාභීන්ට බැංකුව විසින් රුපියල් 500,000 ක මුදල ලබාදෙනු ඇත.
රක්ෂණය, ප‍්‍රතිරක්ෂණය සහ ආයෝජන කළමනාකරණය පිළිබඳව විශේෂඥතාවයක් දරන ෆෙයාෆර්ස්ට් රක්ෂණ සමාගමට ශ‍්‍රී ලංකාව පුරා විහිදුණු ශාඛා 57 ක් තිබෙන අතර 1400 ක වෘත්තීය කණ්ඩායමක් සේවයේ යෙදී සිටී.
කාන්තා ඉතිරිකිරීමේ ගිණුම් සඳහා ඉහළම පොලී අනුපාතයක් ලබාදීම සහ මුදල් ආපසු ගැනීමේදී කිසිදු සීමාකිරීමක් නොකිරීම යන සහන ලබාදෙමින් මෙරට කාන්තාවගේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් 2012 වසරේදී ‘අනගි’ කාන්තා ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වා දෙන ලදී. මෙම ගිණුම් හිමියන්ට බැංකුව විසින් සන්නාමකරණය කළ බැංකු පාස්පොතක් සහ වසර පුරාම ආකර්ශනීය ප‍්‍රවර්ධනයන් පිරිනමන ‘අනගි’ ෂොපිං ඩෙබිට් කාඞ්පතක් ලබාදෙයි.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
Video Story